ජාතික විගණන පනතේ 9 (ඇ) වගන්තිය අනුව විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින් 2018 අගෝස්තු 9 වැනි දින ගරු කතානායකතුමන් ඉදිරිපිට රහස්‍යභාවය පිලිබඳ දිවුරුම් දෙන ලදී. ගාමිණී විජයසිංහ මහතා සභාපති, ගාමිණී අබේරත්න, වේලුපිල්ලේ කන්දසාමි, ඩබ්ලිව්. ඒ. එස්. පෙරේරා සහ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ යන මහත්වරු - සාමාජිකයන්.